
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීයි.
එහිදී සැකකරු වෑන් රථයකින් පලා යමින් සිට ඇති අතර, මෙම සැකකරු යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ හිටපු සෙබලෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අද (19) උදෑසන 10.00ට පමණ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණය තුලදී අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.
මෙහිදී අධිකරණ පරිශ්‍රය තුල නීතිඥ වෙසින් සිටි මෙම පුද්ගලයා විත්තිකරු විත්ති කූඩුවෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ වෙඩි ප්‍රහාරයන් කිහිපයක් එල්ල කිරීමෙන් අනතුරුව රිවෝල්වරයද එම ස්ථානයේ අතහැර දමා විත්ති කූඩුව ආසන්න දොරකින් පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එමෙන්ම, මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, නීතිඥවරුන් අධිකරණ රාජකාරීන් සඳහා භාවිත කරන අපරාධ නඩු විධාන සංග්‍රහය නමින් හැඳින්වෙන පොත තුල ඉතා සූක්ෂම ආකාරයෙන් පිටු කපා දමා මෙම රිවෝල්වරයා සඟවාගෙන පැමිණ ඇති බවත්, ඒ සඳහා සහයෝගය ලබා දුන් නීතිඥ වෙසින් සිටි කාන්තාවක විසින් මෙම පොත ඔහුට අධිකරණ සංකිර්ණය තුලදී ලබා දුන් බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් එම කාන්තාව සොයා විමර්ශනද ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
source :- https://tinyurl.com/y2xbpapm







