සාම්පූර් සූර්ය බලාගාරය සඳහා මුල්ගල් තැබීම මේ වසරේ අප්‍රේල් මාසයේදී සිදු කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පැවසුවා.

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීයාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එකතුව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණේ 2023 වසරේ මාර්තු මාසයේදීයි.

එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදි‍රිපත් කරනු ලැබුවා.

මීට පෙර සාම්පූර් ගල්අඟුරු විදුලි බලාගාරය ඉදි කිරීමට සැලසුම් කර තිබූ ස්ථානයේම මෙගාවොට් 135ක් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් අදියර 02කින් ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහායි ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එවකට එකඟතාවයකට පැමිණියේ.

source :- https://tinyurl.com/y4ccre52

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here