
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට නවීන ප්‍රහාරක ජෙට් යානා අලෙවියට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් එකඟතාවලට එළඹ ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරයේදීයි.
නායකයින් දෙපළ අතර හමුවේදී ද්විපාර්ශවීය වෙළඳ ගනුදෙනු තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ද එකඟතාව පළ වී ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් දක්වනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වතාවක් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ධවල මන්දිරයට පැමිණි සිව්වන ලෝක නායකයා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයායි.
අගමැති මෝදි යනු තමාගේ සුවිශේෂී මිතුරෙකු බව පැවසූ ට්‍රම්ප්, අගමැති මෝදි තමාට වඩා “බොහෝ දැඩි සාකච්ඡාකරුවෙකු” ලෙස ප්‍රශංසා කර තිබ්නවා.
නැගී එන චීනය හමුවේ සමාන අදහස් ඇති අවශ්‍යතා සහිත ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස අනුප්‍රාප්තික එක්සත් ජනපද පරිපාලනය ඉන්දියාව දැක ඇති අතර ට්‍රම්ප් නිවේදනය කර තිබුණේ, නව පරිපාලනය එක්සත් ජනපද ඉහළම මිලිටරි ත්‍යාගවලින් එකක් වන F-35 ඉන්දියාවට විකිණීමට සූදානම් බවයි.








