
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහායි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් හෙට පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට පෙරවරු 09.30ට කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 10 වැනිදා තිරණය කළා.
පාළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව සභානායකවරයා විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව අග්‍රාමත්‍යවරිය විසින් කථානායකවරයාගෙන් කර ඇති ඉල්ලීමක් මතයි හෙට පාර්ලිමේන්තු විශේෂ රැස්වීම පැවැත්වෙන්නේ.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ද හෙට රැස්වීමට නියමිතයි.
අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ලබන 17 වැනි සදුදා පස්වරු 2 සිට පස්වරු 7 දක්වා පැවැත්විමටත් සැලසුම් කර තිබෙනවා.
විපක්ෂය විසින් පනත් කෙටුම්පතට අදාළව ගෙන එනු ලබන සංශෝධන එදින පෙරවරු 10ට පෙර ලබාදෙන ලෙසද දැනුම් දී තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීමද පෙර තීරණය කළ පරිදිම 17 වැනි සඳුදා පෙරවරු 10.30 ට සිදුකිරීමට නියමිතයි.
source :- https://tinyurl.com/3wrh5rhy








