කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් ඇතිවූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා.

එහිදී භූමිකම්පාවේ කේන්ද්‍රය හොන්ඩුරාස් සිට උතුරට සැතපුම් 20 ක් (කිලෝමීටර් 32.1) සහ කේමන් දූපත් වලට නිරිත දෙසින් සැතපුම් 130 (කිලෝමීටර් 209.2) ක් පමණ දුරින් සිදුව ඇති බවයි සඳහන්.

ඒ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා හදිසි සුනාමි අනතුරු ඇඟවීම් තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන් වන්නේ.

ඒ අනුව, පුවර්ටෝ රිකෝ රාජ්‍යය, වර්ජින් දූපත්, හයිටි රාජ්‍යය, බෙලීස් සහ බහාමාස් යන රටවල වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහා මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව, ජාත්‍යන්තර සුනාමි තොරතුරු මධ්‍යස්ථානය අනතුරු ඇඟවූයේ ඉදිරි පැය තුන ඇතුළත ජැමෙයිකාව, කියුබාව, මෙක්සිකෝව, හොන්ඩුරාස්, ටර්ක්ස් සහ කයිකෝස්, සැන් ඇන්ඩ්‍රෙස් ප්‍රොවිඩන්ස්, ඩොමිනිකන් ජනරජය, කොලොම්බියාව, පැනමාව, කොස්ටාරිකාව, අරුබා, බොනෙයා, කුරකාඕ ඇතුළු වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට “අනතුරුදායක සුනාමි රළ” බලපෑම් කළ හැකි බවයි.

source :- https://tinyurl.com/ye28vkeu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here