ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම යටතේ හමාස් සංවිධානය තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙකු නිදහස් කර තිබෙනවා.

පසුව ඔවුන් රතු කුරුස සංවිධානයට භාර දී ඇති අතර දිගු කලක් හමාස් අත්අඩංගුවේ සිටි ඔවුන්ගේ කෘෂ පෙනුම සම්බන්ධයෙන් ඊශ්‍රායල ජාතිකයන් කම්පනයට පත් ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මීට පෙර ඊශ්‍රායලය තම බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන සිරකරුවන් 183 දෙනෙකු නිදහස් කරනු ලැබුවා.

පසුගිය ජනවාරි මස 19 වනදා සිට බලාත්මක වූ ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙසයි මෙම නිදහස් කිරීම් සිදුකර ඇත්තේ.

source :- https://tinyurl.com/522nvefy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here