බලංගොඩ නගරයේ රා තැබැරුමකදි පූද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලබා බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ ජීව්තක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බලංගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

source :- https://tinyurl.com/4fzjmbnb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here