පසුගිය අරගල සමයේ හානි වූ නිවාසවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්දි ලබා ගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව ප්ලාස්ටික් ශල්‍ය ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට අද (08) එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඉදිකළ ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රධානත්වයෙන්.

මෙම ප්ලාස්ටික් ශෛල්‍ය වෛද්‍ය ඒකකය දානපතියකුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයකින් ඉදිකර තිබීම විශේෂත්වයක්.

එම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් අරගල සමයේ ගිනි තැබීම් සහ පහරදීම්වලින් හානි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ලබාදී ඇති වන්දි තක්සේරු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

source :- https://tinyurl.com/3rtmmwdt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here