
මෙම වැඩසටහන පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබාදීම අරමුණු කරගත්තකි.
ඔහු එහිදී පෙන්වා දුන්නේ පොලිස් නිලධාරීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් බෝ නොවන රෝගවලින් පෙළෙන බවයි. “පොලිස් නිලධාරීන්ගෙන් 20%ත් 40%ත් අතර ප්‍රමාණයක් බෝ නොවන රෝගවලින් පෙළෙනවා. තවත් 30%ක් පමණ පරීක්ෂා කර නැහැ. ඉතිරි 30% පමණයි යම්කිසි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නේ,”
එමෙන්ම නිලධාරීන් මුහුණ දෙන පෞද්ගලික සහ රාජකාරී ගැටලු හේතුවෙන්ද මෙවැනි රෝග වැළඳී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කාර්ය සාධනය ඉහළ නංවා, ඔවුන්ගේ සේවය ඉතා ඉහළ මට්ටමේ රාජකාරියක් ලෙස පෙන්වා දීමෙන් තවත් වරප්‍රසාද ලබා දීමට අපේක්ෂා කරන බවයි.
“පොලිස් නිලධාරීන් ලබන්නේ ඉතාමත් අඩු වැටුපක්. ඒ වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවා අවධානයට යොමු කරලා තියෙනවා. ඒ අවධානයට යොමු කරපු එක නිසා ලබන වසරේදී නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා”







