දේශබන්දු තෙන්නකෝන්

අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර, එමඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවයි කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම, අදාළ වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය විය.

දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පසුගිය අප්‍රේල් මාසයේ දී පත්කරනු ලැබුවා.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන කටයුතු කළ අතර එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක කටයුතු කළා.

ඒ, අනුව මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ගනු ලැබීය.

එමෙන්ම ජුලි මස 16 වැනිදා සිට එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමට පියවර ගැනුණු අතර පරීක්ෂණ කමිටුවේ සාක්ෂි සටහන් කර ගැනීම පසුගියදා සම්පූර්ණයෙන්ම අවසන් කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here