කාලගුණය

එම නිවේදනයට කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විසින් විට පැ.කි.මී 60 – 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය.

එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර විය හැකිය.

ඒ හේතුවෙන් එම ප්‍රදේශ හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතී.

ඉදිරි පැය 24 සඳහා කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලබනවා.

කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50 දක්වා වැඩි වන අතර, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වෙයි.

ඒ, අනුව මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන මෙන් කාලගුණ අංශ ඉල්ලා සිටිනවා.

මේ අතර ඉදිරි නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් යොමුවන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here