
ඒ, හේතුවෙන් ශ‍්‍රම බලකායට මෙන්ම සමාජ ප‍්‍රගමනයට එය බාධාවක් වී දිළිඳු ග‍්‍රාමීය කාන්තාවන්ට විවාහයන් පවා අහිමිවිය හැකි බව ද ඔහු පවසනවා.
එමෙන්ම සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අමින්ද මහතා සඳහන් කරනවා.
1995 වසරේදී කාන්තාවන් සිය දෙනකුට පිරිමින් 100.2ක් බවට තොරතුරු තිබුණත් 2024 වසරේදී එය කාන්තාවන් සියයකට පිරිමින් 93.7ක් බවට අඩු වී කාන්තාවන්ගේ උපත් වැඩිවී ඇත.

එලෙස වන්නේ කාන්තාවන්ගේ ආයු අපේක්‍ෂාව වැඩියි. තරුණ පිරිමින් විදෙස්ගතවන ප‍්‍රවණතාව දිනෙන් දින වැඩි වෙලා. දරුවන් ලැබීමේ සාපල්‍යතාවය අඩුවෙලා. එලෙස උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්.
අද විශ්ව විද්‍යාලයක ගත්තත් ඉංජිනේරු පීඨ හා තාක්‍ෂණික පිීඨවල හැරුණුකොට සෙසු සියල්ලන්ගෙම කාන්තා ප‍්‍රතිශතය වැඩියි වගේම මේ අසමතුළිතතාවය ජාතික ශ‍්‍රම බලකායට තදින්ම බලපානවා. මොකද ඇතැම් රැකියාවන් පිරිමින්ට ආවේණික ඒවා. ඉන්න පිරිමින්ගෙන් බහුතර පිරිසක් විධායක ශ්‍රේණියේ රැකියාවලට යනවා. එදිනෙදා කටයුතු වලට කවුරුත් නැහැනේ.
මේ අතර කාය ශක්තිය ගත්තත් පිරිමි අයට වැඩියි. ඒ නිසා මේ අඩුවීම ශ‍්‍රම බලකායට ඍජුවම බලපාන්නවා.







