තීරුබදු

අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති අතර ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ, අනුව ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පැනවීමට නියමිතව ඇත.

ඊට අමතරව මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, ටියුනීෂීයාව යන රටවල් සඳහා ද ඊයේ (07) දිනයේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

මේ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරි පැය 48 ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් නිවේදන කිහිපයක් සිදුකිරීමට නියමිත බව අමෙරිකානු භාණ්ඩාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත.

නමුත් අදාළ නිවේදනවල අඩංගු වන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව සඳහන්.

එමෙන්ම මේ අතර අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත කියා සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here