
ඒ මේ දිනවල අමෙරිකානු සෙනෙට් සභාවේ විවාදයට ගැනෙමින් ඇති ට්‍රම්ප්ගේ, නව විසර්ජන පනතක් වන වන් බිග් බියුටිෆුල් බිල් (One Big Beautiful Bill) නම් කෙටුම්පතට විරෝධය පළකරමින්.
යෝජිත කෙටුම්පතේ අරමුණ වන්නේ, සුබසාධන වියදම් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.5කින් කප්පාදුකර හමුදා වියදම් කැපී පෙනෙන ලෙස ඉහළ දැමීමයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ ගෝලීය ආධාර කපා හැරීමට ගත් තීන්දුව හේතුවෙන් ඉදිරි පස් වසර තුළ අමතර මරණ මිලියන 14ක් සිදුවිය හැකි බවට ලැන්කැස්ට් සගරාවේ පළවූ පර්යේෂණ වාර්තාවකින් අනාවරණ කර ගෙන ඇත.

ඒ, අනුව එම මරණ අතරට වයස අවුරුදු 5ට අඩු ළමයින් මිලියන 4.5ක් එනම් වසරකට ළමයින් ලක්ෂ 7ක් පමණ මියයනු ඇතැයි එම වාර්තාවෙන් ගණන් බලා තිබෙනවා.
2001 සිට 2021 අතර වසර 20ක කාලය තුළ දියුණුවෙමින් පවතින රටවල් 133ක සිදුවූ USAID වැඩසටහන් යටතේ මිනිසුන් මිලියන 91කගේ ජීවිත ආරක්ෂා වී ඇති බව වාර්තා වෙනවා.
USAID වැඩසටහන යටතේ සිදුකළ මානුෂීය ව්‍යාපෘති වෙනුවෙන් වෙන්කර තිබුණු සමස්ත ආධාරවලින් සියයට 80ක් කප්පාදු කිරීමට පසුගිය මාර්තු මාසයේදී ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේ ඊලෝන් මස්ක්ගේ ඩොජ් වැඩසටහන යටතේය.








