බස් රථ

ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ඉංජිනේරු, පී. ඒ. චන්ද්‍රපාල මහතා කියා සිටියේ, රියැදුරන්ගේ මෙන්ම මගීන්ගේ ද ආරක්ෂාව සැලකිල්ලට ගෙන රියැදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්ය කළ බව කොමිසම කියයි. එහිදී ඇති වන ප්‍රායෝගික සහ බාහිර ගැටලු කෙරෙහි අවධානය යොමු කර අමාත්‍යාංශය සහ රජය මට්ටමින් මැදිහත්ව මෙය සිදු කිරීම බලාපොරොත්තුව බවත්, ක්ෂණිකව හිරිහැර වන පරිදි මෙම ක්‍රියාව සිදු නොකරන බවත්ය.

“මාර්ග ආරක්ෂාව පිළිබඳ හොඳ දර්ශකයක් ඇති කර මාර්ගයේ අනාරක්ෂිත තත්ත්වය නිසා රජයට දරන්න වන පිරිවැය පාලනය කිරීම මෙහි අරමුණයි. වත්මන් තත්ත්වය තුළ මාර්ග අනාරක්ෂිතභාවය නිසා දළ ජාතික නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් අනතුරු නිසා ඇතිවන උපද්‍රවවලට වැය කිරීමට සිදුව තිබෙනවා. මෙය වළක්වා ගැනීමට රියැදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්ය කිරීමට පියවර ගත්තා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here