
ඊයේ රාත්රීයේ කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.
පසුව ඔවුන් දෙදෙනා පාලු ප්රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය පැවසුවා.

කෙසේ වෙතත් කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.







