හර්ෂණ සූරියප්පෙරුම

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ, ජුනි 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බවයි සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් භාර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්තී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශ ලේකම් වශයෙන් පත්වනු ඇති බවත්,මුදල් අමාත්‍යංශයේ ලෙකම්වරයා වශයෙන් කටයුතු කළ මහින්ද සිරිවර්ධන මෙම මස අග සිට එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බවත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here