ගුවන් අනතුර

ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ සිය සැමියාගේ ජංගම දුරකථනයේ සංඥා අනුව ඔහු අවසන්වරට සිට ඇත්තේ එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ ස්ථානයට මීටර් 700 ක් දුරින් බව පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි

ඒ අනුව ඔහුගේ පවුලේ අය DNA සාම්පල ඉදිරිපත් කර ඇති බවත් සඳහන්.

නරෝඩා හි පදිංචි මහේෂ් කලවාඩියා නොහොත් මහේෂ් ජිරාවාලා රජකාරි කටයුත්තක් සඳහා අනතුර සිදු වූ දා දහවල් ලෝ ගාර්ඩන් ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු හමුවීමට ගිය බව ඔහුගේ බිරිඳ පවසා ඇත.

“මගේ සැමියා මට කතා කරලා කිව්වා එයාගේ රැස්වීම ඉවර වෙලා ගෙදර යනවා කියලා. නමුත් එයා ආපහු ආවේ නැති නිසා මම එයාගේ ෆෝන් එකට කතා කළා, ඒත් ඒකත් ඕෆ් කරලා තිබුණා. පොලීසියට දැනුම් දුන්නට පස්සේ, එයාගේ ජංගම දුරකථනයේ අන්තිම තැනින් පෙන්නුවා එයා අනතුර වෙච්ච තැන ඉඳන් මීටර් 700ක් ඈතින් ඉන්නවා කියලා,”

“ප.ව. 1:40 ට විතර එයාගේ ෆෝන් එකත් ඕෆ් වෙලා. එයාගේ ස්කූටරය සහ ජංගම දුරකථනය අතුරුදහන් වෙලා. මේ සියල්ල අසාමාන්‍යයි, මොකද එයා කවදාවත් ගෙදර එන්න ඒ පාර පාවිච්චි කළේ නැහැ . අනතුර නිසා බිම වැටිලා මැරුණු අයගෙන් කෙනෙක්ද කියලා බලන්න අපි DNA සාම්පල ඉදිරිපත් කරලා තියෙනවා,”

බොහෝ මළ සිරුරු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී හෝ වෙනත් ආකාරයකින් හානි වී ඇති බැවින්, මියගිය අයගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා බලධාරීන් DNA පරීක්ෂණ සිදු කරමින් සිටින අතර මේ වන විට අනතුරින් 270 දෙනෙකේ ජීවිතක්ෂයට පත් ව ඇති අතර, DNA ගැලපීම මගින් වින්දිතයින් 47 දෙනෙකු හඳුනාගෙන ඇති බව තහවුරු කර ඇත.

එමෙන්ම බලධාරීන් මළ සිරුරු 24 ක් වින්දිතයින්ගේ පවුල්වලට භාර දී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here