
ගනේමුල්ල සංජීව ඝාතනය කිරිම සඳහා සැකකරු තුවක්කුව සඟවාගෙන ආ පොතෙහි ඡායාරූප මේ වනවිට නිකුත් වී තිබෙනවා.
නීතිඥවරයෙකු ලෙස වෙස්වළාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මෙරට සිදුවු සංවිධානාත්මක අපරාධ සිද්ධි රැසකට සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධකම් පවත්වන සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ගනේමුල්ලේ සංජීව කරලියට පැමිණෙන්නේ 2009 වසරේ සිටයි.

ඔහු විසින් ඝාතන 30ක් පමණ සිදුකර ඇති අතර ගම්පහ පස් පොඩ්ඩාගේ ඝාතනය, ඒ අතර වුණා.
ඒ සම්බන්ධයෙන් සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් පසුගිය සැප්තැම්බර් 14 අත්අඩංගුවට ගත් අතර බූස්ස බන්ධනාගාරයේ සිට ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පෙරවරුවේ රැගෙන එනු ලැබුවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී ගනේමුල්ලේ සංජීවට වෙඩි තබා තිබුණේ නීතිඥවරයෙකු ලෙස වෙස්වළාගත් පුද්ගලයෙකු විසින් බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ගනේමුල්ලේ සංජීව කඩිනමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන පැවසුවේ
නීතිඥවරයෙකු ලෙස පැමිණ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සොයා අධිකරණ භූමියේ සහ ඉන් පිටත පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර වෙඩි තැබීමට භාවිත කළ රිවෝල්වරය අධිකරණ මැදිරිය තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
මේ අතර මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටියා.
source :- https://tinyurl.com/4k7y7rr8







