ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබියදී ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනාගෙන් දෙදෙනෙකු අද පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

අදාල සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

මෙරට තුළ අපරාධ සිදු කර විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ මොවුන් ඉන්දියාවේ සිට රැගෙන ඒම සිදු කෙරෙනවා.

source :- https://tinyurl.com/wb4t39pd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here