රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකිරීමේදී රෝගීන් විශාල ප්‍රමාණයක් පෝලිම්වල සිටින බැවින් එම පෝලිම් අවම කර ගැනීමට ජනාධිපති අරමුදල මගින් ගත හැකි පියවර සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

එම කමිටුව මඟින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබාදිය යුතු අතර, ඒ අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපති ලේකම්වරයා සඳහන් කර ඇත්තේ.

හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල ප්‍රමාණයක් මෙසේ රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා පෝලිම්වල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මඟහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මඟින් ලබාදිය හැකි සහන පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

මීට අමතරව රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු අතර එහිදී වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල මුහුණදෙන ගැටලු‍ සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළා.

source :- https://tinyurl.com/4ynp9nwu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here