අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද (19) උදෑසන එල්ල වූ වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නැමැත්තා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරු එම අවස්ථාවේ විත්ති කූඩුවේ සිට තිබෙනවා.

වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමිකයේ තිබී සොයාගෙන ඇති බව සඳහන්.

සැකකරුට වෙඩි උණ්ඩ හයක් පමණ වැදී ඇති බවට අනාවරණය වී ඇති අතර සැකකරු ජාතික රෝහලේ වෙත ඇතුළත් කරනු ලැබුවා.

නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිටයි අධිකරණය වෙත රැගෙනවිත් තිබුණේ.

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර ඇති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/7wbc82ye

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here