මිද්දෙණිය – කඩේවත්ත මන්සන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පියා සහ හය හැවිරිදි දියණිය මියගොස් පුත්‍රයා තුවාල ලබා තිබෙනවා.

මොවුන් ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පියා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මෙලෙස මියගිය පුද්ගලයා අවුරුදු 39ක් වයසැති අනුර ප්‍රියන්ත හෙවත් කජ්ජා නමින් හදුන්වන පුද්ගලයෙක්.

ජීව අත්අබෝම්බයක් සහ රිවෝල්වරයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මොහුට අධිකරණයේ නඩු පවතින බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ දියණිය තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති අතර පුත්‍රයා මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබානවා.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

source :- https://tinyurl.com/ys4zws59

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here