8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා.

එහිදී දෙරට අතර ඵලදායී අන්තර් ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සමාලෝචනය කළ බව සිය එක්ස් ගිණුමේ ඡායාරූපයක් සමග සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රගතිය සඳහා කැපවී කටයුතු කරන බව ද ඔහු එම සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/mfas3kcs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here