පල්ලම පොලිස් වසමේදී පසුගිය 10 වැනිදා කාර් රථයක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර මෙම කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් කොල්ලකන ලද කාර් රථය ද සමග 15 වැනිදා දඹදෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව කාර් රථ රියදුරුගේ ජංගම දුරකථනය සන්තකයේ තබාගෙන සිටි තවත් සැකකරුවෙකු ද උස්වැටකෙයියාව ප්‍රදේශයේදී එදිනම අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 24 වයස්වල පසු වන දඹදෙනිය හා උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකාරිය වයස අවුරුදු 31ක් වන ආඩිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

කුලී ගමනක් යන මුවාවෙන් පැමිණ රියදුරුට තියුණු ආයුධ වලින් පහරදී මෙම කාර් රථය කොල්ලකා තිබූ අතර, මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු මීගොඩ පොලිස් වසමේ දී ත්‍රීරෝද රථයක් කොල්ලකෑම හා පන්නල පොලිස් වසමේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී රුපියල් 1,686,000ක් වටිනා මුදල් හා දේපල කොල්ලකෑම යන අපරාධවලට අවශ්‍යකරන සැකකරුවෙකු බවට අනවාරණය වී තිබෙනවා.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය පන්නල පොලිස් ස්ථානය මගින් සොයාගෙන ඇති අතර, එම ත්‍රීරෝද රථයේ අංක තහඩු සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබුණා.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

source :- https://tinyurl.com/4bvz378v

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here