
වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදාවේ මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදේශ ගමන් බලපත්‍ර රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබා ගන්නැයි නියෝගයක් සිදුකර තිබෙනවා.
ඒ අනූව අදාළ රෙජිමේන්තු මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම විදේශ ගමන් බලපත්‍ර සුරක්ෂිතව තැබිය යුතු වනවා.
ඒවා සුරක්ෂිතව තබා ගැනීම හා සුදුසු ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බලය රෙජිමේන්තු මධ්‍යස්ථානවල අණදෙන නිලධාරීන් සතුවනු ඇති.

අනතුරුව ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය මත ඕනෑම වෙලාවක නැවත එම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සෙබළුන්ට හැකියාව පවතිනවා.
ඒ වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි යුද හමුදාව පවසන්නේ.
මේ සම්බන්ධයෙන් හිරු නිවුස් කළ විමසීමේදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ පැවසුවේ, යුද හමුදා සෙබළුන්ගේ සාමසාධක රාජකාරි සහ විදේශ පුහුණු සඳහා වන කටයුතු කඩිනම් කිරීමේ වැඩපිළිවෙල මත මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බවයි.
source :- https://tinyurl.com/499ma3fv







