
වැඩි මිලට සහල් අලෙවිකරණ සහ සහල් සගවා සිටින වෙළදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අද දිනයේදිත් වැටලීම් සිදු කළා.
ඒ අනුව, කොටුව පරණ වීදිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී සහල් තොඟ සගවා සිටි වෙලදසැලක හිමිකරුවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී ඔහුගේ වෙලදසැලේ තිබී කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් 05 ඇසුරුම් 550 ක් සොයාගත් බවයි එම වැටලීමට එක්ව සිටි නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංහයට සදහන් කළේ.

එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් වෙලදපොලේ කීරී සම්බා සහල් සදහා වැඩි ඉල්ලුමක් පවතින බැවින් ඇතැම් වෙලදුන් සහල් තොග සගවා ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
source :- https://tinyurl.com/2nenmkyy







