
නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික ස්ථානයක තිබී වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි මෙම මත්පැන් තොගය සොයාගෙන ඇත්තේ.
ව්‍යාපාරික මධ්‍යස්ථානයේ බිම්මහලේ මෝටර් රථ අමතර කොටස් උපාංග අතර ඉතා සූක්ෂම ලෙස රහසිගත අයුරින් මෙම මත්පැන් තොගය සගවා තිබූ බවයි පොලිසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ස්ථානයේ කළමනාකරුවෙකු වශයෙන් සේවය කළ 59 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම විදේශීය මත්පැන් තොගය කොල්ලුපිටිය සහ කොට්ටාව යන ප්‍රදේශවල රාත්‍රී සමාජ ශාලා වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී තිබෙනවා.
source :- https://tinyurl.com/4rcbtnpa







