
සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය අද (14) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 281ක් රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 101ක් රැස් කළ අතර නායක චරිත් අසලංක ලකුණු 78ක් සහ නිශාන් මදුෂ්ක ලකුනු 51ක් රැස් කළා.

පන්දු යැවීමේදී Ben Dwarshuis, Aaron Hardie, Sean Abbott සහ Adam Zampa එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ඒ අනුව ඔස්ට්‍රෙලියානු කණ්ඩායම ලකුණු 282ක ඉලක්කයක් හඹා යාමට නියමිතයි.
කෙසේ වෙතත් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය, ශ්‍රී ලංකා කණ්ඩායම 1-0ක් වශයෙන් මේ වන විට පෙරමුණේ පසුවනවා.
source :- https://tinyurl.com/yrxru6tc








