වසර 2014 දී සංචාරක ප්‍රවර්ධනය සදහා යැයි කියමින් රුපියල් ලක්ෂ 60 අධික වියදමක් දරා ටී ශර්ට් මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් සාක්ෂියක් කැඳවනු ලැබුවා.

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයෙහි සිදු වූ බව කියන මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඊට අදාළව සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් මෙම රහස් සාක්ෂිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පස්වරු 2.00ට පමණ රහස් සාක්ෂිය ලබා දීම ආරම්භ කර ඇති අතර පැය තුනකට අධික කාලයක් සාක්ෂි ලබා දී ඇති බවද සඳහන්.

source :- https://tinyurl.com/bdfkj59h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here