කළුතර බෝධිය ආසන්නයේ කළුතර පාලම යටදී ඊයේ (12) පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර උතුර පොලිස් ස්ථානය සඳහන් කරනවා.

පැමිණිල්ල සිදු කළ පුද්ගලයා කළුතර පාලම මත රැඳී සිටින අවස්ථාවේ පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු එක්වරම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බව දුටු බවටයි පවසා ඇත්තේ.

ඒ අනුව පොලිසිය විසින් කළ සෝදිසියේදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට සඳහන් ස්ථානයේ ගමන් බෑගයක් තුළ තිබී කතරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක පුද්ගලයෙකුගේ හැදුනුම්පතක ඡායාරූපයක් සහ බැංකු පාස් පොත් දෙකක් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව ද දැනුවත් කර ඇති අතර, හමු වූ ලේඛන සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

source :- https://tinyurl.com/yeyu8y6h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here