එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන්තොටුපළ හිරු වාර්තාකරු කියා සිටියේ අද උදෑසන 08.25 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි.

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා පසුගිය 10 වැනදායි එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව වුණේ.

එරට ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නගියන්ගේ ආරාධනයක් මතයි ජනාධිපතිවරයා එම සංචාරය සඳහා පිටත්ව ගියේ.

එහිදී ජනාධිපතිවරයා 2025 ලෝක රාජ්‍ය සමුළුව ආමන්ත්‍රණය කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා.

source :- https://tinyurl.com/3epj24bp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here