චීන සහ අමෙරිකානු හමුදාවේ නෞකා සිය මුහුදු සීමාව තුළ දී නිරීක්ෂණය කළ බව තායිවානය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, ඊයේ (12) උදෑසන 6 වන විට තායිවාන භූමිය වටා චීන මහජන විමුක්ති හමුදාවේ ගුවන් යානා 30ක්, චීන මහජන විමුක්ති හමුදා නාවික යාත්‍රා හතක් සහ එක් නිල නෞකාවක් නිරීක්ෂණය කළ බවයි.

ගුවන් යානා 30න්, 23ක් තායිවානයේ උතුරු, නිරිතදිග සහ නැගෙනහිර ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයේ මධ්‍යස්ථ රේඛාව හරහා ගමන් කර ඇති බවත් එම විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මීට අමතරව, ඉකුත් පෙබරවාරි 10 වැනි දින අමෙරිකානු නාවික යාත්‍රා දෙකක් ද උතුරේ සිට දකුණට තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව එවැනි හමුදා යාත්‍රා දෙකක් තායිවාන මුහුදු සීමාවට පැමිණ ඇති පළමු අවස්ථාව එය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් සිය මුහුදු සීමාවේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද තායිවාන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

source :- https://tinyurl.com/26frdrrw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here