මන්නාරම ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන එකක ආයෝජනයක් සහිත සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් අදානි ග්‍රීන් එනර්ජි සමාගම ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඒ බව මේ වන විටත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අදාළ සමාගම විසින් දැනුම් දී ඇති බවයි එහි ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ.

අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කෙරෙන බොහෝ අනුමැතීන් ලබාගෙන තිබියදීත්, සහ තවමත් නොවිසඳුණු පාරිසරික නිෂ්කාශන ක්‍රියාවලින්න්ට අදාළ ගැටලු සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පැවතීම ඇතුළු තත්ත්වයන් හේතුවෙන් මතුව ඇති ප්‍රමාදය අදාළ සමාගම සඳහා ඉවත් වීමට තීරණ කිරීමට බලපා ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

No description available.No description available.

 

source :- https://tinyurl.com/yb42emky

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here