2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත එහි යන ජනාධිපතිවරයා ලබන 13 වනදා දක්වා එම රාජ්‍යයේ රැදී සිටිනු ඇති.

එහිදී ජනාධිපතිවරයා 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට ද නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

source :- https://tinyurl.com/29a2azw6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here