සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින කාර්ය මණ්ඩල හිඟය සදහා ලබන මාසය තුලදී හෙද හෙදියන් 3,500 ක් සහ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් 976 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පසුගිය කාලයේ විදෙස් ගත වූ සියලු‍ වෛද්‍යවරුන්ට මෙරටට පැමිණෙන ලෙසද ඉල්ලා සිටියා.

එමෙන්ම, ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව හෙළිදරව් කළේ මේ වන විට හදවත් රෝගීන් අවම විසි දහසක පමණ ප්‍රමාණයක් අදාල සැත්කම් සිදු කර ගැනීමට විවිධ රෝහල්වල පොරොත්තු ලේඛනවල රැඳී සිටින බවයි.

source :- https://tinyurl.com/y5ukdyus

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here