ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, සුන්දර වෙරළක් නිර්මාණය කිරීමේ ජාතික වැඩසටහන අද (09) ආරම්භ වනවා.

ඒ අනුව මෙහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මට්ටක්කුලිය – කාක දූපත වෙරළ උද්‍යානයේ දී අද පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතයි.

සුන්දර වෙරළක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ජාතික වැඩසටහන තුළ දී රට වටා පවතින කිලෝමීටර 1,740 ක් වන වෙරළ තීරය පිරිසිදු කිරීම නියමිතයි.

සමාරම්භක උත්සවයට සමගාමීව බස්නාහිර සහ දකුණු වෙරළ තීරය ආවරණය වන පරිදි තවත් ස්ථාන 51 ක දී වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනු ඇති.

මේ අතර රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරි වසර 5 තුළදී අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට සහතිකයක් ලබාදිය හැකි බව එම වැඩසටහන පිළිබද ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, ඊට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ගුණසේකර ද එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here