යෝජිත විදුලි බල පනත සංශෝධනයට අදාළව මහජන අදහස් ලබාගැනීමේ කාලය ලබන 14 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ඊය අදාළ ලිඛිත අදහස් එදින හෝ ඊට පෙර අංක 437, ගාලු පාර, කොළඹ 03 ලිපිනයේ පිහිටා ඇති බලශක්ති අමාත්‍යංශය වෙත පැමිණ හෝ තැපැල් මගින් යොමු කළ හැකි බව සදහන්.

මෙම විදුලිබල පනත සංශෝධනයට අදාළ සංකල්ප පත්‍රිකාව මේ වන විට ඉදිරිපත් කර ඇති බවත් එය https://powermin.gov.lk/ වෙබ් අඩවිය ඔස්සේ පරිශීලනය කිරීමේ හැකියාවද පවතින බව බලශක්ති අමාත්‍යංශය සදහන් කළා.

source :- https://tinyurl.com/46rj2bbn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here