එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම සහ පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය (UNRWA) වෙත අරමුදල් සැපයීම අත්හිටුවීම වෙනුවෙන් වන විධායක නියෝගයට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

විධායක නියෝගයේ සඳහන් වන්නේ, රැඩිකල් හෝ ඇමරිකානු විරෝධී හැඟීම් ප්‍රවර්ධනය කරන ජාත්‍යන්තර සංවිධාන, සම්මුතීන් හෝ ගිවිසුම් සමාලෝචනය කර ජනාධිපතිවරයාට වාර්තා කරන ලෙසයි.

විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යා හා සංස්කෘතික සංවිධානය (UNESCO), එහි ඊශ්‍රායල විරෝධී පක්ෂග්‍රාහී ඉතිහාසය හේතුවෙන් කඩිනම් කාලරාමුවක් යටතේ සමාලෝචනයකට භාජනය වනු ඇති බව සඳහන්.

ඊශ්‍රායලයට එරෙහි බිහිසුණු ඔක්තෝබර් 7 වන දින ත්‍රස්ත ප්‍රහාරවලට සහභාගී වූ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාවෙන් පෙන්නුම් කරන පරිදි, යුදෙව් විරෝධී සහ ඊශ්‍රායල විරෝධී බව නිරන්තරයෙන් පෙන්නුම් කර ඇති UNRWA වෙත කිසිදු අමතර අරමුදල් සැපයීම විධායක නියෝගයෙන් එක්සත් ජනපදයට තහනම් කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.

source :- https://tinyurl.com/5hxawaae

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here