
විදෙස් මාධ්‍ය හමුවක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (03) ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සංචාරයේදී ඔහු ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය හමුවකටද සහභාගී වීමට නියමිතයි.
දූෂණය සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, පාස්කු ප්‍රහාර සමයේ අග්‍රාමාත්‍ය ලෙස අත්දැකීම් ආදී කරුණු පිළිබඳව මෙම ජාත්‍යන්තර මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ අදහස් පළ කිරීමට නියමිතව තිබෙනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දින 10කට ආසන්න කාලයක් ලන්ඩන් නුවර රැඳී සිටින බවටයි වාර්තා වෙන්නේ.
source :- https://tinyurl.com/sr6ybznx








