
සුළං විදුලි උත්පාදන කුලුනක තට්ටක් කඩාවැටීමෙන් කල්පිටිය – කන්දකුලිය කුඩාව පාර ප්රදේශයේ නිවාස තුනකට හානි සිදුව තිබෙනවා.
පුද්ගලික විදුලි නිෂ්පාදන සමාගමට අයත් සුළං විදුලි කුලුනක තට්ටක් කඩා වැටීමෙනුයි ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ.
තට්ට කඩාවැටීමෙන් එක් නිවසක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර ඒ ආසන්නයේ පිහිටි තවත් නිවාස දෙකකට හානි සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

කෙසේවෙතත් මෙම සුළං තට්ට කඩා වැටීම සිදුවන අවස්ථාවේ අදාළ නිවාසවල කිසිවකු සිට නොමැති බවටයි වාර්තා වන්නේ.
source :- https://tinyurl.com/mryhk438







