
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 24 හැවිරිදි එංගලන්ත ජාතික කාන්තාව නවාතැන් ගෙන සිටි කොල්ලුපිටියේ ලැගුම්හල වසා තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඊට අදාල ඉදිරි පරීක්ෂණ සිදු කර රැඳී සිටීමේ යෝග්‍යතාවය වාර්ථා කිරීමක් සිදු කරන තෙක් එම ලැගුම් හල වසා තබන ලෙස දැනුම් දෙමින් එම නියෝගය ලබා දි ඇති බවයි හිරු අධිකරණ වාර්තා කරු සඳහන් කළේ.
එහිදි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොල්ලූපිටිය පොලීසිය කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ දන්වා සිටියේ ඇගේ කාමරයේම නවාතැන් ගෙන සිටි තවත් ජර්මානු ජාතික යුවළක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි තරුණියක්.
මියගිය බි්රතාන්ය කාන්තාව සහ ජර්මන් ජාතික යුවළට හදිසියේ ඇතිවූ වමනය යෑමේ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම සිද්ධියට ආහාර විෂවීමක් හේතු වූවාද එසේත් නොමැති නම් මෙය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරනවා.
මෙම විදේශීය ජාතිකයන් තිදෙනා නවාතැන් ගත් කාමරයට යාබද කාමරයට පසුගිය ජනවාරි 30 වැනි දා මකුණන් මර්ධනය යොදා ගන්නා ෆොස්ෆින් නමැති රසායනිකය යොදා ධූමායනය කර ඇති බව ද වාර්තා වනවා.
එම රසායනිකය යෙදීමෙන් පසු පැය 72 ක කාලයක් කාමරය වසා තිබිය යුතු බැවින් එම කාමරය වසා තිබූ බව ද පැවසෙනවා.
එම රසායනවල විෂ වීමක් මත මේ තත්ත්වය හටගන්නට ඇති බවද සැකයක් පවතිනවා.
මේ මරණය වාර්තා වීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදාළ හෝටලයට ගොස් ආහාර වර්ගවල යම් විෂක් තිබුණේ ද යන්න පිළිබඳ සෙවීමට හෝටලයට මුද්‍රා තබා ඇති අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.
පොලිසිය පවසන්නේ තරුණියගේ මරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය මගින් ඇගේ ඥාතීන් දැනුම්වත් කළ බවයි.
කොළඹ අලුත්කඩේ අංක 2 වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් මියගිය කාන්තාව සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර තිබෙනවා.
පසුව රජයේ රසපරීක්ෂකවරයා අද (03) අදාළ නවාතැන්පළ වෙත ගොස් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
මෙම සිද්ධිය පෙරේදා (01) දා සවස සිදුවී තිබෙන අතර කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂණ මනතුංගගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් වසන්ත (3264), පොලිස් කොස්තාපල්වරුන් වන ජයසිංහ (102027), සුදීර (77429) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
source :- https://tinyurl.com/5n7yx82f







