දකුණු අප්‍රිකාවට ලබා දෙන ආධාර කපා හැරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, දකුණු අප්‍රිකාව විසින් ඇතැම් ජන කොටස්වලට පහත් ආකාරයෙන් සැලකීම මෙලෙස අරමුදල් කපා හැරීමට හේතු වී ඇති බවයි.

2023 වසරේදී දකුණු අප්‍රිකාවට ඇමරිකාව ඩොලර් මිලියන 430 කට ආධාරයක් ලබා දී තිබුණා.

දකුණු අප්‍රිකාව දැනට ජී. 20 රටවල සභාපති ධුරය දරන අතර ඉන් පසුව එය ඇමරිකාවට හිමි වනු ඇති.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා ප්‍රකාශ කළේ, ට්‍රම්ප්ගේ මෙම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමා කනස්සල්ලට පත් නොවන බවයි.

source :- https://tinyurl.com/33fwwx2m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here