යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමට සැලැස්මක් මත වැඩ කරමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයෙක් පවසා තිබෙනවා.

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු වන සමයේ ජනපති ට්‍රම්ප් කියා සිටියේ යුක්රේන – රුසියා යුද්ධය එක් දිනකින් අවසන් කළ හැකි බවයි. එසේම, යුක්රේනයේ ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට ඇමෙරිකාවට අවශ්‍ය බවටද අදාළ නියෝජිතයා පවසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යුක්රේනය, රුසියාව සමඟ සටන් විරාමයකට එළඹීමට කැමැත්තක් දක්වන්නේ නම් එම මැතිවරණ වසර අවසානයේදී පැවැත්වීමට හැකියාවක් පවතින බවයි.

source :- https://tinyurl.com/26adz5jw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here