අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රික්ස් සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර වෙළදාමේ දී අමෙරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් ප්‍රතිස්ථාපනය කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ගේ අපනයන සඳහා සියයට සියයක් තීරු බදු පනවන බවට පවසමින්.

මේ වන විට බ්‍රික්ස් සාමාජික රටවල් වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කිරීමේ ක්‍රම සාකච්ඡා කරමින් සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

යුක්රේන යුද්ධයත් සමග රුසියාවට එරෙහිව අමෙරිකාව සම්බාධක පැනවීමෙන් පසුව බ්‍රික්ස් ආර්ථික සහයෝගීතාවය තීව්‍ර වී ඇති බව සදහන්.

බ්‍රික්ස් සංවිධානයට පොදු මුදල් ඒකකයක් නොමැති අතර, එහි සාමාජිකයින් ඔවුන්ගේ දේශීය මුදල් ඒකක ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

source :- https://tinyurl.com/4p8dpnmj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here