
මෙම මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව ජනවාරි පළමු වනදා සිට 26 වනදා දක්වා සංචාරකයින් 212,838 දෙනෙකු පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මෙය ඉහළ යාමක් වන අතර එම මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 28,253ක්.

කෙසේ වෙතත්, මෙම වසරේ ජනවාරි මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දීයාවෙන් වන අතර එම සංඛ්‍යාව 37,383 ක්.
ඉන් අනතුරුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පිළිවලින් රුසියාව , එක්සත් රාජධානිය, ජර්මනිය, චීනය, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින්.
source :- https://tinyurl.com/bym27kfy







