හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසල දී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරිමේ චෝදනාවලට අදාළව පවරා ඇති නඩුවේ තීන්දුව සඳහා නඩුව ලබන පෙබරවාරි මස 19 තෙක් කල් තබන බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී තීන්දුව සඳහා නඩු ගොනුව පූර්වගාමී මහේස්ත්‍රාත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත යොමු කර ඇතැයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.

නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු පොලිස්පතිවරයා විවෘත අධීකරණයේ පෙනී සිටියා.

ඉකුත් 2017 වසරේ අප්‍රේල් මස 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ එච් සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව 2019.06.02 වැනිදා වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත එම නිලධාරියා සිදු කළ පැමිණිල්ලකට අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කර තිබෙන්නේ.

source :- https://tinyurl.com/3v9bxupk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here