නව රජය විසින් බලාපොරොත්තු වන සැඟවූ මෙරට වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහාය ලබා දීමට සූදානම් බවට එම සංවිධානය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ ෆ්‍රන්චේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමු වූ අතර එහිදීයි මෙම එකඟතාව පල කළේ.

එමෙන්ම, පත් වූ නව රජය පිළිබඳව දැඩි විශ්වාසයෙන් හා බලාපොරොත්තු සහගතව සිටින බව නේවාසික නියෝජිතවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර මෙරට මුහුදු තීරයේ දී බේරාගත් රොහින්ගියා සරණාගතයින්ට ශ්‍රී ලංකා රජය මානුෂික අයුරින් සැලකූ ආකාරය මෙහිදී ප්‍රශංසාවට ලක්වුණා.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා මෙරට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීම වැඩි කිරීමට කටයුතු කරන ලෙස නේවාසික නියෝජිතවරයාගෙන් අමාත්‍ය විජිත හේරත් ඉල්ලීමක් ද කර තිබෙනවා.

source :- https://tinyurl.com/mdu5rc6n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here