යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද සිට නැවත දැනුම්දෙනතුරු දේශන වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

එම සංගමය නිවේදනය කළේ ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් සරසවියේ සියළුම පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයට එක්ව සිටින බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ රැස්වී මෙම තීරණය ගෙන තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට සරසවි පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් නොදැක්වීම හේතුවෙන් කලා පීඨයේ පීඨාධිපති ශිවසුබ්‍රමනියම් රඝුරාම් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියක්ද විශ්වවිද්‍යාල පාලනාධිකාරියට මේ වනවිට ලබාදී තිබුණා.

මේ අතර රඟහලක් නොමැතිවීම හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුන් ඒ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ ඊයේ නර්තන පුහුණුවීම් කරන අයුරු දක්නට ලැබුණා.

මේ හේතුවෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය සහ ඒ අවට දැඩි රථවාහන තදබදයක් ද පැවතුණු බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

source :- https://tinyurl.com/2yr43z8s

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here