
2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවලට ගංවතුරවලින් පීඩාවට පත් වූවන්ට ආධාර ලබාදෙන බව පවසා රුපියල් මිලියන 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුවේ තවත් සැකකරුවකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු අලෙවි කළමනාකාරවරයෙක්.
මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් මෙම සැකකරු පොදු දේපළ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.
source :- https://tinyurl.com/5n832rwj







